රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ 2027 වර්ෂය සඳහාවන අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව සියලුම රජයේ පශු වෛද්‍ය කාර්යාල, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව නිරෝධායන අංශ මෙන්ම පශු වෛද්‍යවරු රාජකාරී කටයුතු කරන සියලුම තැන්වල මෙම එක්දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.
එම සංගමය සඳහන් කරන්නේ සිය ඉල්ලීම්වලට විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානමින් සිටින බවයි.
