Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැයෙන් පෞද්ගලික බස් කර්මාන්තයට කිසිදු සහනයක් නොමැති බවට ගැමුණුගෙන් චෝදනා

මෙවර ජනාධිපතිවරයා ගෙනා අයවැයෙන් පෞද්ගලික බස් කර්මාන්තය සඳහා කිසිදු සහනයක් ලබාදී නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරනවා

ජනාධිපතිවරයා ලංගම වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කරලා තිබෙන බවටත්, එහෙම කරන එක ලොකුම විනාශයක් බවත් ගැමුණු සඳහන් කරනවා.

ඒ අයුරින් වෙන් කරන මුදල් අපගේ බදු සල්ලි නිසා ඒවා වැරදි විදිහට යොදවන එකත් වැරදි යැයි ද ඔහු අවධාරණය කරනවා.

වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයට 10% – 12% අතර ප්‍රමාණයකින් දායකත්වය දක්වන කර්මාන්තකරුවෝ විදිහට පෞද්ගලික බස් කර්මාන්තයට මෙවර අය වැයෙන් කිසිම සහනයක් ලබාදී නොමැති බවටත්, හැමදේම ගණන් ගිහිල්ලා තියෙන වාතාරණයක රජයෙන් තමන්ට කිසිම සහනයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

පසුගිය ආණ්ඩුවල නං තමන් එක්ක සාකච්ඡාවක් හරි තැබු බවත්, මේ රජයෙන් එසේ නොකරන බවත් ගැමුණු විජේරත්න තවදුරටත් සඳහන් කරනවා.