Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගවයන්ට එරෙහි නගර සභාවේ ක්‍රියාමාර්ගයට අරංගලින් විරෝධතා මතුවේ

කඩුවෙල මහ නගර සභාව මගින් මාලඹේ අරංගල කහන්තොට යන ප්‍රදේශවල වීදි වල අයාලේ හැසිරෙන ගවයන් එකතුකර ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළකට නිදහස් කිරීම සඳහා මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා.

එවැනි පසුබිමක අරංගල ප්‍රදේශයේ ගවයින් එකතු කරන ස්ථානයක ගවයන්ට නිසියාකාරයෙන් සැලකීමක් සිදු නොකරන බව කියා ප්‍රදේශවාසීන් සහ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී නගර සභා නිලධාරීන් ගමේ ජනතාවට ගවයින්ගෙන් සිදුවන අවහිරතා සහ ඔවුන්ට සැලකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන අතර එලෙස දැනුවත් කරත් ඔවුන් කියා සිටියේ තමන් ගවයන්ට ආදරේ බවත් ගවයන්ට හිංසා නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

ප්‍රදේශවාසීන් සහ කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ මෙලෙස ගවයින් එකතු කර යැවීම නිසි ක්‍රමවේදයට සිදු නොවන බවයි. එමෙන්ම ගවයන් නිරෝධායනය සිදුකර ගමේ අවශ්‍යතාවය ඇති පිරිස් සඳහා ගවයන් බෙදා දුන්නේ නම් වඩාත් යෝග්‍ය බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කළා.