Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මාතර ඩිපෝවේ බස් රථයක් ඊයේ රාත්‍රියේ පැහැරගෙන ගිහින්

ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතර ඩිපෝවට අයත් බස් රථයක් ඊයේ (16) රාත්‍රී කාලයේ කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

මාතර සහ දික්වැල්ල අතර ධාවනයවන අදාළ බස් රථය නියමිත ගමන්වාර ධාවනය කිරීමෙන් පසු රාත්‍රියේ දික්වැල්ල, රදම්පල ප්‍රදේශයේ ගාල්කර තිබිය දී මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැහැරගෙන ගොස් තිබූ බස් රථය මාතර පොලිස් වසමේ වෙලේවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී අද (17) අලුයම සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බස් රථය ඊයේ නියමිත ගමන්වාර අවසන්කර දික්වැල්ල, රදම්පල ප්‍රදේශයේ ගාල්කර දොර අගුලුලා එහි රියදුරා සහ කොන්දොස්තරවරයා ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් තිබෙනවා.

එලෙස ගාල්කර තිබූ බස් රථයේ ජනේලයකින් කිසියම් අයෙකු ඇතුළු වී වෙනත් යතුරක් භාවිත කරමින් රථය පණගන්වා බස් රථය පැහැරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කිමන හේතුවක් මත රථය පැහැරගෙන ගියාද එම ක්‍රියාව සිදුකළ පුද්ගලයා හි කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබදව තවමත් තොරතුරක් අනාවරණය වී නැහැ.

දික්වැල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරනු ලබනවා.