වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ඩෝ වතුයායේ පාසලක ළමුන් පිරිසක්, පාසලෙන් ලබාදුන් උදෑසන ආහාරය ගැනීමෙන් පසු ඇතිවු හදිසි අසනීප තත්වය හේතුකොටගෙන රෝහල් ගත කර තිබෙනවා.
පාසලේ 03 වසරේ සිට 05 වසර දක්වා ළමුන්ට උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රුට්, ව්‍යංජනයක් ලබාදුන් බවට වාර්තාවෙනවා.
ඉන් අනතුරුව ළමුන්ට ඇතිවු වමනය, කලන්තය, පපුවේ අමාරුව හේතුවෙන් ළමුන් 34 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවට රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තාවෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වනවා.
