Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ඉංගිරිය කොටසේ වැඩ දෙසැම්බර් පළමු වනදා ඇරඹේ

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ඉංගිරිය අතර කොටසේ වැඩ එළඹෙන දෙසැම්බර් මස 01 වනදා ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන මාර්ග කොටස කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ ක්‍රියාත්මක කිරීම කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව එම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව (කිලෝමීටර – 1+820) සිට ඉංගිරිය (කිලෝමීටර 24+000) දක්වා වන මාර්ග කොටස ඉදිකිරීමට ලංසු කැඳවා එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන්ට කොන්ත්‍රාත්තු පිරිනැමීම කටයුතු කර තිබෙනවා.

මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු වසර තුනක් තුළ අවසන් කිරීමට කටයුතු කරන බවයි.

6
7