Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වැලිකන්දේ දෘෂ්‍යාබාධිත යුවළගේ අස්වැසුම කපා නැහැ – වැලිකන්ද ප්‍රා.ලේගෙන් නිවේදනයක්

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි දෘෂ්‍යාබාධිත යුවළක් සඳහා රජය විසින් ලබදෙන්නු ලැබූ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අහිමිකර ඇති බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම ලේකම් කාර්යාලය පවසන්නේ අදාළ දෘෂ්‍යාබාධිත යුවළට ලබාදුන් අස්වැසුම ප්‍රතිලාභ දීමනාව කපා දැමීමක් සිදුකර නොමැති බවයි.

අදාළ යුවළට මෙතෙක් ලබාදුන් අස්වැසුම දීමනාව රුපියල් 5,000ක් බව සඳහන් කරන එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මෙම ප්‍රතිලාභීන් රුපියල් 5,000 කට සුදුසුකම් ලැබූ නමුත් ඔවුන්ගේ ජීවන තත්වය හා ආබාධිත තත්වය පිළිබඳ සළකා බලා දීමනාව වැඩිකර දීමේ අරමුණින් නැවත මෙම ප්‍රතිලාභීන් 2026/10/21 දින සංගණනය සිදුකර ඇති බවයි දැනුම් දෙන්නේ.

පළමු සංගණනයට අදාළ ප්‍රතිලාභීන්ගේ ලේඛන මේ වන විට ප්‍රදර්ශනය කර ඇති අතර එහි මෙම අයගේ නම සඳහන් වී නොමැති බවයි පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඔවුන් වෙත ලබාදෙන අස්වැසුම දීමනාව රුපියල් 5,000 සිට 10,000 දක්වා වැඩිකිරීමට ද කමිටු නිර්දේශය ලබාදී ඇති බව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ, අනුව නැවත සංගණනවල සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ගේ ලේඛන දෙසැම්බර් මාසයේ මුල් සතිය තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි එම කාර්යාලය පවසන්නේ.

මේ අතර, මෙම යුවළේ පිරිමි පුද්ගලයා හට ආබාධිත දීමනා විෂය අංක 9 යටතේ වැලිකන්ද තැපැල් කාර්යාලය මඟින් රුපියල් 10,000 ආබාධිත දීමනාවක් ද ලබා දින බවත් ඔහුගේ බිරිඳට ද එම දීමනාව මෙම මස සිට ලබාදීමට අවශ්‍ය කටයුතු සුදු කරමින් පවතින බවද දන්වා සිටිනවා.