Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 වසරේ වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ගනී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ 2026 වසරේ වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ගැනීමට දේශිය ආදායම් දෙපාර්තමෙන්තුව සමත්වී තිබෙනවා.

2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ රුපියල් බිලියන 2,402 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් ලබාදී තිබු අතර, එම ඉක්මවා යමින්, 2026 නොවැම්බර් 16 වන විට රුපියල් බිලියන 2,441.9 ක ආදායමක් රැස් කරගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී ඇති බවට වාර්තාවෙනවා.

මෙය රජයේ ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන්හි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබෙනවා.

2025 නොවැම්බර් 16 දිනට සාපේක්ෂව 2026 නොවැම්බර් 16 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිපුර රුපියල් බිලියන 491 කින් තම ආදායම් ඉලක්කය සපුරාලීමට සමත් වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 115% වර්ධනයක් බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

මෙම සාර්ථකත්වය තුළින් බදු පරිපාලනයේ ශක්තිමත්භාවය, බදු ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාවය සහ බදු නීති හා රෙගුලාසී වලට අනුකූලව කටයුතු කිරීමට ජනතාව තුළ ඇති ඉහළ නැඹුරුව පිළිබිඹු වෙන බවත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.