මිනිස්සු කැපකිරීම් කරලා ජීවත් වෙන කාලයක, බදු ගෙවන ජනතාවගේ මුදල් වියදම් කරද්දී හැම රුපියලක් ගැනම අපි වගකියන්න ඕන – අගමැතිණිය

පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 33,600ක මුදලක් රජය වෙන්කර ඇති බවත්, එම වැඩසටහන රටේ සෞඛ්‍යය සහ දේශීය ආර්ථිකය නඟාසිටුවන පුළුල් වැඩපිළිවෙළක් දක්වා ගෙන යාම රජයේ අරමුණ වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ (02) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවති “ජාතික පාසල් පෝෂණ සමුළුව 2026” සඳහා එක්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් ළමුන් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන 2026 වර්ෂය වන විට පාසල් 8,990ක් තුළ සිසුන් මිලියන 1.5ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ වැඩසටහනක් බවට පත් වී තිබෙනවා.

මෙම වැඩසටහනේ ව්‍යාප්තිය, ඉදිරි ක්‍රියාමාර්ග සහ පර්යේෂණ දත්ත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Save The Children ආයතනය ඇතුළු පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම පාසල් පෝෂණ සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම පාසල් පෝෂණ සමුළුව වීමද විශේෂත්වයක්.

මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ පාසල් ළමුන් සඳහා ආහාර ලබාදීමේ රජයේ පෝෂණ වැඩසටහන හා සම්බන්ධ පාර්ශවකරුවන් අතර අන්තර් සම්බන්ධතාවය වර්ධනය කර ගනිමින්, පෝෂණ වැඩසටහනේ තිරසරභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය තීරණවලට එළඹීමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

අපේ රටේ හැම පළාතකම පාසල් තුළ ඉගෙන ගන්නා බොහෝ දරුවන්ට මේක තමයි දවසට ලැබෙන විශ්වාසවන්තම සහ පෝෂ්‍යදායීම කෑම වේල. රජයක් වශයෙන් මෙම වැඩසටහන පවත්වාගෙන යන්නේ ,හැම දරුවෙකුටම හොඳින් දවස පටන් අරන්, තමන්ගේ අධ්‍යාපන ගමන විශ්වාසයෙන් කරගෙන යන්න අපි දෙන මූලික අවස්ථාවක් විදියට.

මේ වෙනකොට පාසල් 8,990ක දරුවන් ලක්ෂ 15කට අධික ප්‍රමාණයකට මෙම අවස්ථාව ලැබෙනවා. අපි 2026 අවුරුද්දේ මේ වෙනුවෙන් රුපියල් මිලියන 33,600ක් වෙන් කරලා තියෙනවා. මිනිස්සු දැඩි කැපකිරීම් කරලා ජීවත් වෙන කාලයක, බදු ගෙවන ජනතාවගේ මේ මුදල් වියදම් කරද්දී , ඒ හැම රුපියලක් ගැනම අපි වගකියන්න ඕනේ.

එමෙන්ම,මෙම වැඩසටහන අපේ රජය විසින් සිදුකරන ලොකුම ආයෝජනයක් ලෙස අප සලකනවා. අතීතයේදී මෙය කුසගින්න නිවන වැඩසටහනක් පමණක් වුණාට, දැන් අපි මේක දිහා බලන්න ඕනේ අපේ රටේ තියෙන බෝ නොවන රෝග සහ සෞඛ්‍ය අභියෝගවලට විසඳුමක් විදියටයි. මන්දපෝෂණය සහ වර්ධනය බාල වීම අවම කිරීම සම්බන්ධයෙන් අප සැලසුම් සකස් කරමින් සිටින මොහොතක අපේ ඉලක්ක ගැන අපි වඩා බැරෑරුම්ව සිතිය යුතු වෙනවා.

දරුවොත් කැමතියි සෑම දවසකදීම විවිධත්වයක් තියෙන රසවත් කෑම වේලක් කන්න. ඒ නිසා මේ කෑම වේල අපේ කෘෂිකර්මාන්තයට, අපේ ධීවරයින්ට, සහ අපේ සමුපකාර ක්‍රමයට සෘජුවම සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රජාවේ ඉන්න අම්මලාව ආර්ථිකව සවිබල ගන්වන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.

දරුවන්ට ආහාර නාස්තිය ගැන, තිරසාර ආහාර පද්ධති ගැන උගන්වන්න වගේම, කෘෂිකර්මාන්තය සහ පෝෂණය පැත්තෙන් අලුත් වෘත්තීය මාර්ග ගැන හිතන්නත් මේක ආරම්භයක් කරගත යුතුයි. ඒ නිසා සම්ප්‍රදායික රාමුවලින් පිටතට ඇවිත්, අපේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන අලුත් ආකෘතියක් මෙම වැඩසටහන් වෙනුවෙන් ගොඩනැගීමට මෙහි පැමිණ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ සහාය ඉදිරියේදීත් අපට අවශ්‍ය වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56