ත්‍රී රෝද රථ සොරකම් කර මත්ද්‍රව්‍ය භාවිත කළ අයෙක් අත්අඩංගුවට

මාසයක පමණ කාලයකදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා තීරෝද රථ 5ක් සොරා ගත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම, කඩුවෙල, කොටුව, කිරිබත්ගොඩ හා ගෑන්ඩ්පාස් පොලිස් වසම්වලින් එම තීරෝද රථ සොරාගෙන තිබූ බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

පිටකෝට්ටේ හන්දියේ දී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මීට සති සති දෙකකට පමණ ඉහත දී ඉහතදී තලංගම පොලිස් වසමින් සොරාගත් ත්‍රී රෝද රථයක් පදවාගෙන පැමිණ තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සොරාගත් ගත් සියලුම ත්‍රී රෝද රථවල වටිනා කොටස් අලෙවි කර මත් ද්‍රව්‍ය පානය කර ඇතැයි ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සොරකම් කළ තවත් තීරෝද රථ දෙකක් සැකකරු පදිංචි නාවල වත්තේ නිවස ඉදිරිපිට ගාල් කර තිබියදී සොයා ගැනුණු අතර තවත් එක් ත්‍රී රෝද රථයක් මිරිහාන ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී රුපියල් 2500ක් ලබාගෙන ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කඩුවෙල ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රී රෝද රථය දෙමටගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගෙන තිබෙනවා.

31හැවිරිදි මෙම පුද්ගලයා සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් වන අතර ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18