spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථ සොරකම් කර මත්ද්‍රව්‍ය භාවිත කළ අයෙක් අත්අඩංගුවට

මාසයක පමණ කාලයකදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා තීරෝද රථ 5ක් සොරා ගත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම, කඩුවෙල, කොටුව, කිරිබත්ගොඩ හා ගෑන්ඩ්පාස් පොලිස් වසම්වලින් එම තීරෝද රථ සොරාගෙන තිබූ බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

පිටකෝට්ටේ හන්දියේ දී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මීට සති සති දෙකකට පමණ ඉහත දී ඉහතදී තලංගම පොලිස් වසමින් සොරාගත් ත්‍රී රෝද රථයක් පදවාගෙන පැමිණ තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සොරාගත් ගත් සියලුම ත්‍රී රෝද රථවල වටිනා කොටස් අලෙවි කර මත් ද්‍රව්‍ය පානය කර ඇතැයි ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සොරකම් කළ තවත් තීරෝද රථ දෙකක් සැකකරු පදිංචි නාවල වත්තේ නිවස ඉදිරිපිට ගාල් කර තිබියදී සොයා ගැනුණු අතර තවත් එක් ත්‍රී රෝද රථයක් මිරිහාන ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී රුපියල් 2500ක් ලබාගෙන ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කඩුවෙල ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රී රෝද රථය දෙමටගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගෙන තිබෙනවා.

31හැවිරිදි මෙම පුද්ගලයා සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් වන අතර ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?