තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

රාජ්‍ය සේවකයින් ගේ වැටුප් වැඩි කිරීමක් සිදුනොකළ ද, ඔවුන්ට මුල්‍ය නොවන සහන සැලසීමට රජය කටයුතු කළ බවයි මුදල් ඇමතිවරයා පැවසුවේ.

” නිදහස ලබද්දී රටේ මහජනතාවගෙන් 118 කට සිටියේ එක් රාජ්‍ය සේවකයෙක් විතරයි. නමුත් දැන් රටේ මහජනතාවගෙන් 13 දෙනෙක්ට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටිනවා.

මේ රාජ්‍ය සේවකයින් බොහෝ දෙනා විවාහ වෙන්නේ කාලයක් ගිහිල්ලා. ඔවුන්ගේ දරුවන් සරසවි ප්‍රවේශ වෙනවා වගේම උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්නේ මේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්නා කාලයේදී. මේක ඔවුන්ට විශාල ගැටළුවක්. මේ හේතුව නිසයි අපි රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 10කින් ඉහළ දැම්මේ.

දැන් එය අවුරුදු 55 සිට 65 දක්වා වැඩි වූ විට ඔවුන්ට ඉන් ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පළපුරුද්දක් තිබෙන සේවකයින් අවශ්‍යයි.

ඉදිරියේදී වාර්ෂිකව විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් ගේ අනුපාතයට අනුව නව රැකියා ලබාදීම සිදුකරන්න කටයුතු කරනු ලබනවා” මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45