තවත් ලොසින්ජර් දෙන්න බැහැ : රාජ්‍ය සේවය රටට බරක් – මුදල් ඇමති කියයි

රටට උසුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීම සිදුකල නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය සේවය රටට බරක්වී ඇති බවත් තව රාජ්‍ය සේවයට සහන දෙනවා කියන්නේ ඊට මුදල් ලබා ගන්න වෙන්නේ ජනතාවගෙන් වීම හේතුවෙන් තවත් වසරක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

රාජ්‍ය සේවකයින් ගේ වැටුප් වැඩි කිරීමක් සිදුනොකළ ද, ඔවුන්ට මුල්‍ය නොවන සහන සැලසීමට රජය කටයුතු කළ බවයි මුදල් ඇමතිවරයා පැවසුවේ.

” නිදහස ලබද්දී රටේ මහජනතාවගෙන් 118 කට සිටියේ එක් රාජ්‍ය සේවකයෙක් විතරයි. නමුත් දැන් රටේ මහජනතාවගෙන් 13 දෙනෙක්ට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටිනවා.

මේ රාජ්‍ය සේවකයින් බොහෝ දෙනා විවාහ වෙන්නේ කාලයක් ගිහිල්ලා. ඔවුන්ගේ දරුවන් සරසවි ප්‍රවේශ වෙනවා වගේම උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන්නේ මේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්නා කාලයේදී. මේක ඔවුන්ට විශාල ගැටළුවක්. මේ හේතුව නිසයි අපි රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 10කින් ඉහළ දැම්මේ.

දැන් එය අවුරුදු 55 සිට 65 දක්වා වැඩි වූ විට ඔවුන්ට ඉන් ආර්ථික වාසියක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පළපුරුද්දක් තිබෙන සේවකයින් අවශ්‍යයි.

ඉදිරියේදී වාර්ෂිකව විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් ගේ අනුපාතයට අනුව නව රැකියා ලබාදීම සිදුකරන්න කටයුතු කරනු ලබනවා” මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

  1. උඹලගෙ අම්මගේ ආණ්ඩුව වෙන්න ඇති නිස්කාරණේ වැඩකට නැති සමුර්දි පත්වීම් ගොවි නියාමක පත්වීම් වගේ අදාල
    නැති පත්වීම් දීලා රාජ්‍ය සේවයේ පිරිහුනේ. රාජ්‍ය සේවකයෝ බඳවා ගන්න බඳවාගන්න උඹලට කිසිම සැනසුමක් තිබ්බෙ නෑ දේශපාලන වාසි බැලුවා එදිනෙදා ඔහේ දුන්නා. උඹලා ඊයේ පෙරේදා දුන්න 65000 ක කම්කරු පත්වීමුත් එහෙම තමයි.මෙලෝ වැඩක් නැතුව ඔෆිස්වල පල් වෙවී ඉන්නවා ඇවිල්ල බලපල්ලා.හොදට තිබ්බ රාජ්‍ය සේවය කෑවෙ තොපිලා වගේ ආත්මාර්ථකාමී එදාවේල හොයන ආණ්ඩු තමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13