spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තල්මස් වමනය කිලෝ 15ක් සමඟ අයෙක් පන්නිපිටියේ දී අල්ලයි

තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් හෙවත් තල්මස් වමනය කිලෝ 15ට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙනහ ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවූ මීගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පන්නිපිටිය, නියදගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී අධික වටිනාකමකින් යුත් මෙම අම්බර් තොගය සොයාගෙන ඇති බව සඳහන්.

මෙලෙස සොයාගත් අම්බර් තොගයේ වටිනාකම රුපියල් කෝටි 05ට අධික බවයි වැටලීම සිදුකළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සඳහන් කළේ.

තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් බෝහෝ රටවල මිළ අධික සුවඳවර්ග නිෂ්පාදනය කිරීම සදහා යොදා ගනු ලබනවා.

විශේෂ කාර්ය බළකාය භාරයට ගත් අම්බර් තොගය වැඩිදුර පරීක්ෂණ සදහා හෝමාගම පොලීසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?