ට්විටර් සමාගමෙන් ත්‍රෙඩ්ස් යෙදුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ලොව ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍යයක් වන ට්විටර් සමාජ මාධ්‍යයට අභියෝගයක් එල්ල කරමින් ඒ හා සමාන නව යෙදුමක් ලොවට හඳුන්වාදීමට ෆේස්බුක් හිමිකාරිත්වය දරණ මෙටා සමාගම ඊයේ කටයුතු කළා.

ත්‍රෙඩ්ස් නමින් ලොවට හඳුන්වා දුන් මෙම නව සමාජ මාධ්‍ය යෙදුම වටා මේ වනවිට විශාල පරිශීලකයින් පිරිසක් එක්රොක් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව මේ වනවිට මිලියන 30 කට වැඩි පිරිසක් මෙම නව යෙදුම සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ත්‍රෙඩ්ස් යෙදුම හඳුන්වා දුන් මෙටා සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ට්විටර් සමාගම පවසා තිබෙනවා.

ට්විටර් සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ හිටපු ට්විටර් සේවකයින් දුසිම් ගණනක් මෙටා සමාගම විසින් කුලියට ගෙන ත්‍රෙඩ්ස් යෙදුම සංවර්ධනය කිරීමට ඔවුන්ගෙන් උදව් උපකාර ගත් බවයි.

එහිදී ට්විටර් හි වෙළඳ රහස් සහ අනෙකුත් අතිශය රහසිගත තොරතුරු මෙටා සමාගම අතට පත්වූ බවත් ට්විටර් සමාගම චෝදනා කරන්නේ.

“තරඟය හොඳයි, වංචා කිරීම නොවේ” ට්විටර් හිමිකරු එලොන් මස්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

මේ අතර මෙටා සමාගමේ ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් පවසා ඇත්තේ ත්‍රෙඩ්ස් ඉංජිනේරු කණ්ඩායමේ කිසිවෙකු හිටපු ට්විටර් සේවකයෙකු නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56