Empty Ad
AFC Banner
Empty Ad

ජුලි 1 සිට විදුලි බිල අඩුවෙන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

ජුලි 01 වැනිදා සිට ක්ෂේත්‍ර කිහිපයක් සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ගෘහස්ත විදුලි ගාස්තුව අවම වශයෙන් 23%කින් අඩු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.

එම කාණ්ඩය සඳහා රුපියල් 400ක් ව පවතින ස්ථාවර ගාස්තුව ජුලි මාසයේ සිට රුපියල් 250ක් දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බව සඳහන් කළා.

එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන අතර ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බව ද ඔහු පෙන්වා දුන්නා.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිතයි.

ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර තිබෙනවා.

හෝටල් සහ සංචාරක ක්ෂේත‍්‍ර සඳහා ජූලි මාසයේ සිට විදුලි ගාස්තු අවම වශයෙන් 43%ක අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ධූරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ විවාදයේ දී යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
67
+1
51
+1
7
+1
14
+1
20
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17
Video thumbnail
අද හවස ඇමති වසන්ත කොළඹ පීරයි
04:48
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන
01:00

?