ජුලි 1 සිට විදුලි බිල අඩුවෙන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

ජුලි 01 වැනිදා සිට ක්ෂේත්‍ර කිහිපයක් සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ගෘහස්ත විදුලි ගාස්තුව අවම වශයෙන් 23%කින් අඩු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.

එම කාණ්ඩය සඳහා රුපියල් 400ක් ව පවතින ස්ථාවර ගාස්තුව ජුලි මාසයේ සිට රුපියල් 250ක් දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බව සඳහන් කළා.

එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන අතර ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බව ද ඔහු පෙන්වා දුන්නා.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිතයි.

ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර තිබෙනවා.

හෝටල් සහ සංචාරක ක්ෂේත‍්‍ර සඳහා ජූලි මාසයේ සිට විදුලි ගාස්තු අවම වශයෙන් 43%ක අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ධූරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ විවාදයේ දී යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14