ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප ගැන ලිපියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ වැටුප් ගෙවීම සඳහා නොපමාව අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසට ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ ඡන්ද විමසීමකදී නාම යෝජනා භාර දුන් රජයේ නිලධාරීන්ට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල නිකුත් වන තෙක් වැටුප් රහිත නි්වාඩු අනුමත කිරීම පිළිවෙත බවයි.

මේවන විට ඡන්ද විමසීම කල් තබා ඇති බැවින් දිගු කාලසීමාවක් වැටුප් රහිත නිවාඩු මත සිටීම තුළින් එම නිලධාරීන් සහ ඔවුන්ගේ දරු පවුල් ඉමහත් අපහසුතාවට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

අවුරුදු උත්සව සමය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් බැරෑරුම් වීම හේතුවෙන් ඔවුන් මහත් අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි සමන් රත්නප්‍රිය මහතා සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.

Saman Rathnapriya Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?