ගුජරාටයෙන් මුම්බායි පිළට අභියෝග ගත ඉලක්කයක්

අයි.පී.එල් තරගාවලියේ පස්වන තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ආරාධනයෙන් ගුජරාට් පිළ පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ, අනුව නියමිත පන්දුවාර 20 තුළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 168ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

එහිදී නායක ශුබ්මන් ගිල් ලකුණු 31ක් රැස්කළ අතර, සායි සුදර්ශන් ගුජරාට් ඉනිම වෙනුවෙන් ලකුණු 45 රැස් කළා.

මෙම තරගයේ දී මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යා ප්‍රතිවාදී ගුජරාට් පිතිකරුවන් පාලනය කිරීමට පන්දු යවන්නන් 07 දෙනෙකු යොදවා ගන්නා ආකාරය දැකගත හැකි වුණා.

එහිදී 2022 වසරට පසු යළිත් අයි.පී.එල්. පිටියට පිවිසි ජස්ප්‍රිත් බුම්රා සිය පන්දුවාර හතර තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින් කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 169ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22