ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි

පසුගිය සැප්තැම්බර් මස 16 වනදා ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයා ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු වයස අවුරුදු 31ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුව පසුගිය 16 වනදා ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී වෙඩි තබා පළාගොස් තිබුණා.

මෙම සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැද වූ පුද්ගලයා පසුගිය 28 වනදා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල, ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබිය දී පසුගිය දා සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58