ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ – අභියාචනාධිකරණයේ ආරක්ෂාවත් තරවෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ පෙරේදා (19) දින සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ විශේෂ රැස්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ජගත් නිශාන්ත, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ මාෂල්වරයා, සහ කොළඹ නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු සහභාගී වුණා.

එහිදී අභියාචනාධිකරණ සංකීර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයින් සහ නීතිඥවරු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරු සහ පුද්ගලයින් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර තිබෙන විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී සංජීව ප්‍රනාන්දු සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඉදිරි කටයුතු කිරීමට ද මෙම රැස්වීමේදී එකඟතාව පළ වී තිබෙනවා.

මේ අතර ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වෙඩික්කරු සහ ඔහුට පලා යාමට ආධාර අනුබල දුන් වෑන් රථයේ රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල දැක්ක මිනිස්සුන්ට උදෙන්ම රතු කට්ට පනී
03:46
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42