කෝටි 02ක අධිබලැති යතුරුපැදි 05ක් එකලස් කරද්දී පොලිසියෙන් අල්ලයි

මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් අධිබලැති යතුරුපැදි 05ක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පිළියන්ද පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් වටිනාකමින් රුපියල් ලක්ෂ 65කට ආසන්න අගයක් ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය ලැබුණු තොරතුරකට අනුව ඊයේ (12) සවස පිළියන්දල විකල්ප මාර්ගයේ ගරාජයක් වටලා මෙම අධිබලැති යතුරුපැදි සමඟ ගරාජ් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගරාජ් හිමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පුද්ගලයන් සිව්දෙනෙකු මෙම යතුරුපැදි කොටස් තමන් වෙත ගෙනවිත් දුන් බවත් ඒවා එකලස් කිරීම පමණක් තමා සිදුකළ බවයි පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05