හුංගම, කලමැටිය මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙක් අතුරුදන්

හුංගම, කලමැටිය ධීවර වරාය ආසනන්යේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇති බව හුංගම පොලිසිය පවසනවා.

අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් වාර්තා වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුන් තිදෙනා වයස අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන සිසුන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් සොයා මේ වන විට ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted