මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් අධිබලැති යතුරුපැදි 05ක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පිළියන්ද පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් වටිනාකමින් රුපියල් ලක්ෂ 65කට ආසන්න අගයක් ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය ලැබුණු තොරතුරකට අනුව ඊයේ (12) සවස පිළියන්දල විකල්ප මාර්ගයේ ගරාජයක් වටලා මෙම අධිබලැති යතුරුපැදි සමඟ ගරාජ් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගරාජ් හිමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පුද්ගලයන් සිව්දෙනෙකු මෙම යතුරුපැදි කොටස් තමන් වෙත ගෙනවිත් දුන් බවත් ඒවා එකලස් කිරීම පමණක් තමා සිදුකළ බවයි පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.
වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.














අධිබලැතිබ්කියන්නෙ ඕවට සෙට් කරල තියෙන්නෙ බෝයින් ගුවන් යානා එන්ජින්ද, අපේ රටේ උන්ගෙ පුවත් තමයි පුවත් ,ඉහල ධාරිතාවක් නම් අධිබලැති ඒක හරියට බැලැස්ටික් මිසයිලයක් වගේ පුම්බනව, එතකොට ප්‍රියස් කාර් වෙන රටවල ටැක්සි දුවන්න ගන්නෙ අපේ රටේ ප්‍රවෘත්ති වලට අනූව ඒවා අධිසුඛෝපභෝගි කාර්, චීන කෙල්ලෙක් ලංකාවෙදි අනතුරක් උනොත් චීන සුරූපිනිය අනතුරට, සුදුයි නම් සුරූපී , අනේ මේ මේ පුවත් ලියන උන්ගෙ අම්මලා සනීපෙන්ද දන් නැ, නෙද්දකින් ගෝත හැත්ත