කොළඹ – කටුනායක අධිවේගයේ ETC පරිශීලකයින්ට ගාස්තුවෙන් 10%ක වට්ටමක්

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETC (Electronic Toll Collection) මගින් සිදුකිරීමේ දී සේවාව ලබාගැනීම තව දුරටත් පහසු කිරීමට මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETC මගින්ද සිදුකිරීමේ පහසුකම් ලබාදී ඇති අතර ETC පහසුකම් භාවිත කරන්නන් සඳහා ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම ස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

එය භාවිතකර ප්‍රමාදයකින් තොරව ඇතුළුවීමේ සහ පිටවීමේ පහසුකම් ද සලසා දී ඇති බවයි මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ETC පහසුකම් භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවෙන් 10% ක වට්ටමක් ද හිමිවනවා.

මේ වනවිට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවලදී ETC මගින් ගෙවීම් කල හැකියි.

www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ETC සදහා ලියාපදිංචි වීමට මේ වනවිට පහසුකම් සලසා දී තිබෙනවා.

මේ අතර අවහිරතාවයකින් තොරව ETC පහසුකම භාවිත කිරීම සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානවලදී පැයට කිලෝමීටර් 15ක වේගයක් පවත්වා ගන්නා ලෙසත්, ඉදිරියෙන් ඇති වාහනය සමග මීටර් 20ක පරතරයක් තබාගැනීමට කටයුතු කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01