කොවිඩ් රෝගීන්ගේ ICU කාමර වල සත්‍ය තත්ත්වය මෙන්න

කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වලට ඇතුළු කරන පුද්ගලයන්ට අවශ්‍ය වන එන්නත්වල හිගයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමය ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය නිසා රෝගීන් ගේ ජීවිතවල දැඩි අවදානමක් මතුව ඇති බවයි.

දැඩි සත්කාර ඒකකවල රෝගීන්ට කෘතිම ශ්වසනය අවශ්‍ය කරන අවස්ථාවන්හිදී ලබා දෙන එන්නත් හිගයක් ඌව පළාත් මහ රෝහලේ පවතින බව නිර්වින්දන වෛද්‍යවරුන් විසින් ලිඛිතව දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම එන්නත් උග්‍ර හිඟයක් පවතින බවත් මධ්‍යම ඖෂධ ගබඩාවේ පවා එන්නත් නැති තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු කියා සිටියේය. අසාධ්‍ය පුද්ගලයන් සඳහා මෙම එන්නත් අවශ්‍ වනය බවත් පැවසූ ඔහු එම අවශ්‍යතාවය සහිත රෝගීන් වැඩි වුනොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසීය.

බදුල්ල රෝහලේ පමණක් නොව සෙසු රෝහල්වල තත්ත්වයද මෙය බවත් වගකියයුතු යුත්තන් මේ පිළිබඳව පියවර නොගතහොත් දැඩි අර්බුදයක් ඇති වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

එමෙන්ම,මෙරට කොරෝනා ආසාදිත ව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ඊයේ දින වන විට 06 ගුණයකින් ඉහළ ගොස් තිබේ. කොරෝනා වසංගත ආරම්භ කාලයේ දී මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වූයේ ටොන් 22කි. නමුත් දෛනිකව මේ දක්වා භාවිතා කළ වැඩිම ඔක්සිජන් ප්‍රමාණය පෙරේදා දිනයේ වාර්තා කර තිබුණේ ටොන් 120ක් භාවිතා කරමිනි.

දැනට ශ්‍රි ලංකාව තුල ඔක්සිජන් නිපදවන සමාගම් වල දෛනික නිෂ්පාදනය ටොන් 78කි. මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට රජය කටයුතු කර ඇත. ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ අසාධ්‍ය තත්ත්වයට පත්වන ආසාදිතයන් හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මීට පෙර,කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය, සායනික ඔක්සිජන් ලීටර් 300,000ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර,මෙරට කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව (23) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් තිබෙන බවයි නාවික හමුදාව පැවසුවේ. මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද (22) කොළඹ වරායට පැමිණියා.

එමෙන්ම,ද වන විට මෙරට ජනතාව වෙළඳපලේ ඇති ඔක්සිජන් සිලින්ඩර මිලට ගෙන තමන් නිවාස වල ගොඩ ගසා ගන්නා තත්ත්වයක් උදා වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරයි.

මෙම සිලින්ඩර රුපියල් ලක්ෂය දක්වා වූ ඉහළ මිල ගණන්වලට නිවසට ගෙන ගියද මේ මෙම කටයුත්ත ඉතාම අනවශ්‍ය ක්‍රියාවක් බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

සැබෑ ලෙසම ඔක්සිජ්න අවශ්‍ය පුද්ගලයෙකුට වුවද ඔක්සිජන් ලබා දිය යුතු බව ප්‍රමාණයන් හා ක‍්‍රමවේදයන් නොදැන ඒවා ගබඩා කර ගැනීමෙන් පලක් නැති බව ද ඒ මහතා කියා සිටී.

ඔක්සිජන් පුද්ගලයෙකුට වැඩිපුර ලබා දුන්නොත් එම පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වය ඇති විය හැකි බවද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය. රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10