කොල්කටාවට හැමදාම හිසරදයක් වී ඇති රෝහිත් ශර්මා බිඳ දැමූ සුපිරි වාර්තාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසය තුළ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සතුව තිබූ වාර්තාවක් තම නම ඉදිරියේ ලියා ගන්නට රෝහිත් ශ්‍ර්මාට ඊයේ (29) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, අයි.පී.එල් තරග ඉතිහාසය තුළ තනි කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙමින්.

මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර ඊයේ (29) පැවති තරගයේ දී ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කළ 38 හැවිරිදි රෝහිත් ශර්මා පන්දු 38 කදී හයේ පහර 06ක් සහ හතරේ පහර 07ක් ඇතුළුව ලකුණු 78ක් රැස් කළා.

එම ලකුනුන් 78ත් සමඟ ඒ, අයි.පී.එල් තරග ඉතිහාසයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව රෝහිත් ශර්මා ලකුණු 1,161ක් රැස්කරගෙන සිටිනවා.

මීට පෙර අයි.පී.එල් තරග ඉතිහාසය තුළ තනි කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට විරාට් කෝලි පත්ව සිටියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1,159ක් රැස්කරමින්.

ඒ, අනුව විරාට් කෝලිව අඩුකර ගිය රෝහිත් ශර්මා අයි.පී.එල් තරග ඉතිහාසය තුළ තනි කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු රැස්කළ පිතිකරු බවට මේ වනවිට පත්ව තිබෙනවා.

මෙහි තෙවන ස්ථානයේ ද විරාට් කොලිගේ නම ලියවී ඇති අතර, ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1,146ක් රැස්කරගෙන සිටිනවා.

එහි සිව්වන ස්ථානයේ ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් පසුවන්නේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1,134ක් රැස් කරගෙනයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසය තුළ වැඩිම අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් අතර සිව්වන තැනට පැමිණෙන්නට රෝහිත් ශර්මාට ඊයේ (29) තරගයේ දී හැකියාව හිමිවීම ද විශේෂත්වයක්.

රෝහිත් මේ වනවිට අයි.පී.එල් තරග 273ක් ක්‍රීඩා කරමින් ඉනිම් 268ක් තුළ අර්ධ ශතක 48ක් රැස්කරගෙන සිටිනවා.

එහි පළමු තැන විරාට් කොලි පසුවන්නේ අර්ධ ශතක 64ක් රැස්කරගෙනයි.

එමෙන්ම එහි දෙවන සහා තුන්වන තැන පිළිවෙලින් අර්ධ ශතක 62ක් රැස්කරගෙන ඩේවිඩ් වෝනර් පසුවන අතර, ශිකර් ධාවන් අර්ධ ශතක 51ක් රැස්කරගෙන පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
00:00
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57
Video thumbnail
සෞඛ්‍යය නිලධාරින් එක්ක පාරට බැස්ස ඇමති නලින්ද ?කට්ටිය එක්ක පා ගමනේ යන හැටි
02:00
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
00:56
Video thumbnail
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
01:10
Video thumbnail
වටපිට බලලා ඇතා පාර මාරුවෙන හැටි
00:22
Video thumbnail
"හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් වගේ හැදුණා"ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
02:00
Video thumbnail
සියලු දේම ෆේල් වෙනකොට ආණ්ඩුවට ඉතුරු වෙන්නේ හිරගෙදර විතරයි
05:40
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ වෙන රාජිතගේ සමීකරණය - අද ආණ්ඩුව ඉවරයි..ජනමතය අවසන්
05:26
Video thumbnail
"බන්ධනාගාර නිලධාරින්ට ප#ර දීලා විතරක් නෙවෙයි අවයව පවා ක#ලා"දයාසිරි හෙළිකළ දේ
03:57