කියුබානු නායකගේ ජන්ම දින සංවත්සරය සැමරීමට මෙරට මන්ත්‍රීවරුන්ට ආරාධනාවක්

ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු එම සංගමයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia
Lázara Pego Guerra) අතර සාකච්ඡාවක් පසුගියදා පෙරේදා (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

මෙහිදී, ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමුවුණා.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීමේ සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
මෙහිදී පැහැදිළි කළා.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා, සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ශක්තිමත් අන්තර් -පාර්ලිමේන්තු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා කියුබානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ද කැපවන බව ඇය සඳහන් කළා.

සමීප සබඳතා සහ සාකච්ඡා වර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයින් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවා.

කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම දින ශත සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන අනුස්මරණ උත්සවවලට සහභාගී වන ලෙස ද ඇය මන්ත්‍රීවරයන්ට ආරාධනා කර සිටියා.

ශ්‍රී ලංකාවෙන් කියුබාවට ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ මෙහිදී අදහස් පළ කළා.

තානාපතිවරිය කියුබාවේ වත්මන් තත්ත්වය සහ අභියෝග පිළිබඳව ද ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් දැනුවත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17