කැකිරාව ප්‍රසිද්ධ පාසලක මහ රෑ සිදු වුණු ඩෙස් – පුටු ජාවාරම

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් තිබ්බටුවැව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සිදු වුණු සූක්ෂ්ම ඩෙස් – පුටු විකිණීමේ ජාවාරමක් වැටලීමට ගම්වාසීන් සමත් ව තිබෙනවා.

මෙම අපරාධය සිදු කිරීමට විද්‍යාලයේ මුරකරුවෙකු හා ඊට සහාය දුන් ගුරුවරයෙකු ද සිටින බවටයි හෙළි ව ඇත්තේ.

ඊයේ (02) රාත්‍රියේ දී ප්‍රධාන විදුලි ලාම්පු ද නිවා ගනිමින් විද්‍යාලය වෙත පැමිණ තිබූ අබිලි ද්‍රව්‍ය එක් රැස් කරන ආයතනයකට අයත් කුඩා ලොරි රථයකින් විද්‍යාලයේ ඩෙස් පුටු තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේ දී මග රැක සිටි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් රථය නවත්වා පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීමේ දී හෙළි ව ඇත්තේ මෙම ලොරි රථය මගින් කලක සිට පාසලට අයත් ඩෙස් පුටු ජාවාරමක් සිදු කරන බවයි.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ලොරි රථය සහ එහි රියදුරු ව කැකිරාව පොලිසියට භාර දී තිබෙනවා.

කෙසේවෙතත් ලොරි රථයේ රියදුරු පොලිසියට පවසා ඇත්තේ මෙම ඩෙස් පුටු අලුත්වැඩියා කිරීම සඳහා මෙලෙස රාත්‍රියේ දී පැමිණ රැගෙන යන බවයි.

මේ වනවිට මෙම සිද්ධියට සම්බන්ධ මුරකරු සහ ගුරුවරයා සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49