එකම බසයේ ගිය 18කට කොවිඩ්

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ, තොටලාගල හා දඹේතැන්න යන තේ වතුවල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලදී අද (03) තහවුරු වී තිබේ.

බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන එම පිරිස එකම බස් රථයකින් හපුතලේ සිට බලංගොඩට ගමන්කර ඇති අතර ඉකුත්දා ඇඟලුම් කම්හලේදී කළ PCR පරීක්ෂාවේදී ඔවුන් ආසාදිත බවට හඳුනාගත් බව වාර්තා වේ.

එම බස් රථයේ ගමන්ගත් සේවිකාවන් 33 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් 18 දෙනෙක් ආසාදිතයන් බව හදුනාගත් බවත්  හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?