මුලතිව් දිස්ත්‍රික්කයේ, චලෙයි නාවික අණුඛණ්ඩයෙහි අතුරුදහන්ව සිටි නාවික හමුදා පුද්ගලයින් පස් දෙනා අතරින් එක් නාවිකයෙක්ගේ මෘත දේහයක් සොයා ගැනීම සම්බන්ධව
පසුගිය 28 වැනිදා මුලතිව්, චලෙයි කලපුවේ මෝය කටෙහි පිහිටි වැලිපර ඉවත්කර, මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදන් වූ චලෙයි නාවික අණුඛණ්ඩයෙහි නාවික හමුදා සාමාජිකයින් 05 දෙන අතරින් එක් සාමාජිකයෙක්ගේ නිසළ සිරුරක් පෙරේදා (01) දිංයේ දී හමුවී තිබෙනවා.
ඒ පුදුමාතලන් වෙරළ තීරයේ තිබීයදී යි.
පසුව එම සිරුර චලෙයි නාවික අණුඛණ්ඩයෙහි අතුරුදහන්ව සිටි නාවික හමුදා පුද්ගලයින් පස් දෙනා අතරින්, නායක විදුලි කාර්මික ඩී එම්ගේ එම් දිසානායකගේ බවට, ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් විසින් ඊයේ (03) මුලතිව් මාංචෝල රෝහලේ මෘත ශරීරාගාරයේදී හදුනාගෙන තිබුණා.
ඒ අනුව දේහය පිළිබඳ අවමංගල්‍ය කටයුතු නාවික හමුදා පූර්ණ ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවයි නාහිම හමුදාව නිවේදනය කර ඇත්තේ.














Ithamathma kanagaatudaayaka puwathak. Niwan suwa prarthanaa karanawa. Sadaa nomiyena wiruwaaneni.
Me wagema anunge jiwitha galawaa ganima wenuwen thamange jiwitha kepa kala hama denaatama niwan suwa labewa