ආණ්ඩුවට අවශ්‍ය සහාය දෙන්න නාමල් සූදානමින්

අභ්‍යන්තරයේ ගැටලු මතුවන විට ඇමතිකම් වැඩි නොකර ආණ්ඩුව ඇමති මණ්ඩලය සීමාකර පවත්වාගෙන යනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

අද (18) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙළට බාධා ඇති නොකර වගකිව යුතු විපක්ෂයක් ලෙස ඒ සඳහා අවශ්‍යය සහාය ලබාදෙන බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

“කැබිනට් ඇමැති ධුර සීමාකර පවත්වාගෙන යෑම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ප්‍රකාශ වුණා. ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටළු මතුවන විට අලුතින් ඇමැති ධුර ඇති නොකර ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා නම් හොඳයි. විපක්ෂය තුළ එකට වැඩකළ හැකි පිරිසක් සිටිනවා. මීට පෙර අපේ කණ්ඩායම නියෝජනය කළ රෝහිත, අනුරාධ, චාමර වගේ පිරිසක් පාර්ලිමේන්තු වරම් හිමිකරගෙන සිටිනවා. ආණ්ඩුව කරන හැමදේටම විරුද්ධවීම තමයි එදා ජනතා විමුක්ති පෙරමුණ කළේ. ඒ ආකාරයට විපක්ෂයක් ලෙස අපි හැසිරෙන්නේ නැහැ.ජනතාව පිල් මාරුවත් ප්‍රතික්ෂේප කරමින් තමයි මේ වෙලාවේ ඡන්දය පාවිච්චි කළේ. ඒ නිසා අපෙන් ඉවත්ව ගොස් පාර්ලිමේන්තු වරම් ලැබුණු අයට නැවත අප හා එකතුවෙන්න කියන්න හදිස්සියක් නැහැ. නමුත් එකට වැඩ කිරීමට එය බාධාවක් නෙවෙයි.
පක්ෂය පසුගිය කාලයේ දී යම් පසුබෑමකට ලක්වුණා. ගෝලීය හා කලාපීය දේශපාලන වාතාවරණය නිවැරදි ලෙස අධීක්ෂණය කරමින් පක්ෂය තුළ අවශ්‍යය වෙනස්කම් සිදුවේවි. මහ මැතිවරණයේ දී යම් ආසන සංඛ්‍යාවක් සුළු ඡන්ද සංඛ්‍යවකින් අපිට මඟ හැරුණා. මහින්ද රාජපක්ෂ කියන්නේ වෘත්තිය දේශපාලනඥයෙක්. එහෙම කෙනෙකුට දේශපාලනයෙන් සමුගැනීමේ හැකියාවක් නැහැ. චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී වුනත් එහෙමයි. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටින ජාතිවාදී නොවන ජාතිකවාදී පක්ෂයක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27