අශෝකපිලර් රන් සම්මානයට ශ්‍රී ලාංකික භික්ෂුවක් පාත්‍ර වෙයි

දෙස් – විදෙස් මහා සංඝරත්නය උදෙසා පිරිනමන ‘අශෝකපිලර්’ රන් සම්මානය ශ්‍රී ලාංකික භික්ෂුවක් වන අතිපූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද නායක මාහිමිපාණන් වහන්සේට හිමි ව තිබෙනවා.

උන්වහන්සේ අමෙරිකා එක්සත් ජනපදයේ බෞද්ධ ශාසනය නියෝජනය කරමින් ප්‍රධාන සංඝනායක ධුරය හොබවනවා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ බෞද්ධ සමාජයේ සදාචාරාත්මක පැවැත්ම උදෙසා සක්‍රීයව දායකත්වය ලබාදෙන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා ඇගයීම් වස් මෙම සම්මානය ප්‍රදානය කරන්නේ, තායිලන්ත ජාතික බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මහථේර සමාගමය, මහා චූලා ලංකාර රජ විද්‍යාලය ඇතුළු පිළිගත් ආයතන මගිනුයි.

ආචාර්ය වල්පොල පියනන්ද නායක මාහිමිපාණන් වහන්සේ කරනු ලබන ශාසනික, සාමාජීය සේවාවන් ඇගයීම මෙම සම්මානය පිදීමේ අරමුණ බව ද වාර්තා වනවා.

සමාජ යහපැවැත්ම උදෙසා බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන සදාචාරාත්මක ගුණධර්ම ප්‍රවර්ධනයෙහි ලා මෙහෙයක් කරන උන්වහන්සේ ජාත්‍යන්තර ව ඉමහත් ගෞරවාදරයට පත් හිමිනමක් ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?