අශෝකපිලර් රන් සම්මානයට ශ්‍රී ලාංකික භික්ෂුවක් පාත්‍ර වෙයි

දෙස් – විදෙස් මහා සංඝරත්නය උදෙසා පිරිනමන ‘අශෝකපිලර්’ රන් සම්මානය ශ්‍රී ලාංකික භික්ෂුවක් වන අතිපූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද නායක මාහිමිපාණන් වහන්සේට හිමි ව තිබෙනවා.

උන්වහන්සේ අමෙරිකා එක්සත් ජනපදයේ බෞද්ධ ශාසනය නියෝජනය කරමින් ප්‍රධාන සංඝනායක ධුරය හොබවනවා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ බෞද්ධ සමාජයේ සදාචාරාත්මක පැවැත්ම උදෙසා සක්‍රීයව දායකත්වය ලබාදෙන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා ඇගයීම් වස් මෙම සම්මානය ප්‍රදානය කරන්නේ, තායිලන්ත ජාතික බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මහථේර සමාගමය, මහා චූලා ලංකාර රජ විද්‍යාලය ඇතුළු පිළිගත් ආයතන මගිනුයි.

ආචාර්ය වල්පොල පියනන්ද නායක මාහිමිපාණන් වහන්සේ කරනු ලබන ශාසනික, සාමාජීය සේවාවන් ඇගයීම මෙම සම්මානය පිදීමේ අරමුණ බව ද වාර්තා වනවා.

සමාජ යහපැවැත්ම උදෙසා බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන සදාචාරාත්මක ගුණධර්ම ප්‍රවර්ධනයෙහි ලා මෙහෙයක් කරන උන්වහන්සේ ජාත්‍යන්තර ව ඉමහත් ගෞරවාදරයට පත් හිමිනමක් ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

  1. තෙරුවන් සරණයි නායක හාමුදුරුවනේ…….. ❤️❤️🙏🙏🙏
    ඔබ වහන්සේ දෙස් විදෙස් ජාත්‍යන්තර රටවල්වල සිදු කරන්නා වූ සියලු ධර්මප්‍රචාර කටයුතු නිදුක් නිරෝගීව සිදුකරන්නට සහ ශ්‍රී ලාංකික සහ විදේශ ජාතිකයන් හට බුදුරජාණන් වහන්සේ විසින් දේශිත වදාළ ධර්මකාරණා පහද දෙමින් සසර ගමන සුවපත් කරන්නට නායක මාහිමිපාණන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නෙමි.

    තෙරුවන් සරණයි…..

    මෙයට,
    අනුරුද්ධ හාමුදුරුවෝ

  2. 1981 වර්ශයේ සිට අතිපූජ්‍ය වල්පොල පියනන්ද නායක ස්වාමීන්වහන්සේ සමග ඇමරිකාවේ බොඋධ ශාශනික කටයුතුවල වියාප්තිය සංදහා ලංගින්ම කටයුතු කිරීමට ලැබීම මගෙත් දායක සභාවෙත් භාග්‍යක්. උන්වහන්සේ මානව දයාවෙන් ලෝකයේ විවිද රටවල කරන්නාවූ සමාජ මෙහෙයන් මිල කල නොහැක. සරනාගතයන්ට පිහිටවෙන හැටි මගේ දෑසින් දැක ඇන. ඔබවහන්සේට මෙම ගව්‍රරවය හිමිවීම ගැන අපි සතුටු වෙමු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14