Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අමෙරිකාවේ ආසියාතික කාන්තාවකට ගණිකා මඩමකින් පැයකට ඩොලර් 600ක් ගෙවන බවට හෙළිවෙයි

අමෙරිකාවේ බොස්ටන් සහ උතුරු වර්ජිනියා හි මහල් නිවාස සංකීර්ණයෙන් පිටත ගණිකා මඩම් ජාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු රජයේ නීති පාර්ශ්වය විසින් මෙම චෝදනා ගොනු කරනු ලැබූ බවයි.

මෙම ගණිකා මඩම් ජාලයේ ගනුදෙනුකරුවන් අතර තාක්ෂණික නිලධාරීන්, ඖෂධ විධායකයින්, නීතිඥයින්, මහාචාර්‍යවරුන් සහ හමුදා නිලධාරීන් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම බොස්ටන් ප්‍රදේශයෙහි ඇති ගණිකා මඩම්වල සිදුවන ලිංගික ජාවාරම් සහ ලිංගික සූරාකෑම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් ආසියාතික කාන්තාවන් හට ලිංගික සබඳතා සඳහා පැයකට ඩොලර් 600ක් දක්වා ගෙවන බවටත් හෙළි ව තිබෙනවා.

මේ සඳහා බොහෝ සෙයින් වත්කම් සහිත පුද්ගලයින් එක් ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ගණිකා මඩම් මෙහෙයවන්නන් ලෙස චෝදනා ලැබ ඇත්තේ මැසචුසෙට්ස් හි 41 හැවිරිදි හැන් ලී,
30 හැවිරිදි ජුන්මියුන්ග් ලී සහ කැලිෆෝනියාවේ 68 හැවිරිදි ජේම්ස් ලී හට යි.

මොවුන් විසින් කාන්තාවන්ට නීතිවිරෝධී ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමටත් බල කිරීම සහ ඒවාට පොළඹා ලීමට කටයුතු කර ඇති බවටත් හෙළි ව තිබෙනවා.

වැඩබලන එක්සත් ජනපද නීතිඥ ජොෂ් ලෙවී පැවසුවේ පරීක්ෂණ ආරම්භ වී ඇති බවත්; මැසචුසෙට්ස්, වර්ජිනියා සහ කැලිෆෝනියා යන ස්ථානවල සෝදිසි වරෙන්තු ක්‍රියාත්මක කිරීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට තවදුරටත් සාක්ෂි එක් කරගනිමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?