අමෙරිකාවේ ආසියාතික කාන්තාවකට ගණිකා මඩමකින් පැයකට ඩොලර් 600ක් ගෙවන බවට හෙළිවෙයි

අමෙරිකාවේ බොස්ටන් සහ උතුරු වර්ජිනියා හි මහල් නිවාස සංකීර්ණයෙන් පිටත ගණිකා මඩම් ජාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු රජයේ නීති පාර්ශ්වය විසින් මෙම චෝදනා ගොනු කරනු ලැබූ බවයි.

මෙම ගණිකා මඩම් ජාලයේ ගනුදෙනුකරුවන් අතර තාක්ෂණික නිලධාරීන්, ඖෂධ විධායකයින්, නීතිඥයින්, මහාචාර්‍යවරුන් සහ හමුදා නිලධාරීන් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම බොස්ටන් ප්‍රදේශයෙහි ඇති ගණිකා මඩම්වල සිදුවන ලිංගික ජාවාරම් සහ ලිංගික සූරාකෑම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් ආසියාතික කාන්තාවන් හට ලිංගික සබඳතා සඳහා පැයකට ඩොලර් 600ක් දක්වා ගෙවන බවටත් හෙළි ව තිබෙනවා.

මේ සඳහා බොහෝ සෙයින් වත්කම් සහිත පුද්ගලයින් එක් ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ගණිකා මඩම් මෙහෙයවන්නන් ලෙස චෝදනා ලැබ ඇත්තේ මැසචුසෙට්ස් හි 41 හැවිරිදි හැන් ලී,
30 හැවිරිදි ජුන්මියුන්ග් ලී සහ කැලිෆෝනියාවේ 68 හැවිරිදි ජේම්ස් ලී හට යි.

මොවුන් විසින් කාන්තාවන්ට නීතිවිරෝධී ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමටත් බල කිරීම සහ ඒවාට පොළඹා ලීමට කටයුතු කර ඇති බවටත් හෙළි ව තිබෙනවා.

වැඩබලන එක්සත් ජනපද නීතිඥ ජොෂ් ලෙවී පැවසුවේ පරීක්ෂණ ආරම්භ වී ඇති බවත්; මැසචුසෙට්ස්, වර්ජිනියා සහ කැලිෆෝනියා යන ස්ථානවල සෝදිසි වරෙන්තු ක්‍රියාත්මක කිරීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට තවදුරටත් සාක්ෂි එක් කරගනිමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39