අනියම් පෙම කුරිරු වී 45 හැවිරිදි කතකට දිවි අහිමිවෙයි

වඳුරඹ පොලිස් වසමේ නාත්තවල ප්‍රදේශයේ දී ඊයේ (26) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තවල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි තැනැත්තියක්.

පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විසින් මහ මඟ දී තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය සිදුකළ සැකකාර පුද්ගලයා වස පානය කර සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25