spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනියම් පෙම කුරිරු වී 45 හැවිරිදි කතකට දිවි අහිමිවෙයි

වඳුරඹ පොලිස් වසමේ නාත්තවල ප්‍රදේශයේ දී ඊයේ (26) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තවල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි තැනැත්තියක්.

පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විසින් මහ මඟ දී තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය සිදුකළ සැකකාර පුද්ගලයා වස පානය කර සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?