Empty Ad
Empty Ad
AFC Banner

අධිකරණයට අපහාස කළ බවට කියන මෛත්‍රීගේ නඩුව සලකා බැලීමට දින නියම වෙයි

‘අධිකරණයට අපහාස කළේ’ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (02)අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ තීරණය ලබා දුන් බවයි.

මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පසුගිය මැයි 30 වැනිදා නියෝග කෙරුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරිමෙන් පසුව සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

එමෙන්ම ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු නොකළ අතර අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදු කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළා.

එහිදි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා ඉල්ලා සිටියේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 27 වැනිදා කැඳවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ පවුල් කුටුම්බයේ ගැටුම් නැතිව - ලස්සනට ජීවත් වන හරිම විදිය දැනගමුද?
08:16
Video thumbnail
Breaking News🛑ජනපති අනුර ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී
01:15
Video thumbnail
ආණ්ඩුවෙන් මැණික් කර්මාන්තයට සුබ පණිවිඩයක්
04:28
Video thumbnail
ලංකාව ජාත්‍යන්තර උගුලකට පත්වෙන්නයි යන්නේ - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට
02:58
Video thumbnail
ආචර්ය පට්ටමක් ගිය දුරක් - දැන් සැපද? - Clean Sri Lanka පටන් ගත්තෙම කතානායක පුටුවෙන්
06:19
Video thumbnail
Breaking News🛑ප්‍රපාතයකට ගිය සුඛෝපබෝගී වෑන් රථය - එක් අයෙකු ජීවිතක්ෂයට
02:31
Video thumbnail
Breaking News🛑සජබෙන් කතානායක ධූරයට කාන්තාවක් #sjb #sajithpremadasa
02:49
Video thumbnail
රිලා ප්‍රශ්නය ගැන ආශු කනස්සල්ලෙන්
02:13
Video thumbnail
ක්‍රීඩා ඇමතිගෙන් ආණ්ඩුවට හින්ට් එකක් #npp #education
18:21
Video thumbnail
අපි බාරගත්තේ රෝස මල් යහනාවක් නෙවෙයි - ආණ්ඩුවේ සුපිරි සැලසුම් නලීන් හේවගේ හෙළිකරයි
09:30

?