ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තහනමක්

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට දේශීය, ජාත්‍යන්තර සහ සියලුම ඉහළ පෙළේ ක්‍රිකට් තරගවල දී පන්දු යැවීම තහනම් කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ෂකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ පවතින සැක සහිත තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ද මීට පෙර ඔහුගේ පන්දු යැවීම අත්හිටුවීමට කටයුතු කළා.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුර පන්දු යැවීමේ සැක කටයුතු ක්‍රියාවක් සම්බන්ධයෙන් වාර්තා වීමෙන් පසුව ඔහුව ලෝබරෝ විශ්ව විද්‍යාලයේ දී පරීක්ෂණයකට ලක් කෙරුණා.

ෂකීබ් අල් හසන් එම පරීක්ෂණය අසමත්වී ඇති අතර, ඒ අනුව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ඔහුට පන්දු යැවීම තහනම් කළා.

නීති විරෝධී පන්දු යැවීමේ ක්‍රියාවන් සඳහා ICC හි රෙගුලාසිවල 11.3 වගන්තියට අනුව, ජාතික සම්මේලනයක් ක්‍රීඩකයෙකුව තම දේශීය තරඟවලදී පන්දු යැවීම අත්හිටුවන විට, එම තහනම ICC විසින් ස්වයංක්‍රීයව පිළිගෙන ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා ද බලාත්මක කරනු ලබනවා.

ඒ, අනුවයි ඔහුට මෙලෙස දේශීය, ජාත්‍යන්තර සහ සියලුම ඉහළ පෙළේ ක්‍රිකට් තරගවල දී පන්දු යැවීම තහනම් කර ඇත්තේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ පිළිගත් පරීක්ෂණ මධ්‍යස්ථානයක සිදුකරන පරීක්ෂණයකට මුහුණ දීමෙන් පසු ෂකිබ් ඔහුගේ තහනම ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55