විදේශ අමාත්‍යංශය හරහා මෙහෙයවන සංචාරක ක්ෂේත්රයෙන් මෙම වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක ආදායමක් උපයාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයට අද (23) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට පත්වෙමින්, මෙම වසර තුළ දී විදෙස් සංචාරකයින් මිලියන 2.4ක ප්‍රමාණයක් දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවයි.
මේ අතර මෙම වසරේ ඔක්තෝම්බර් මාසය අගවන විට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 7.6ක ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා 2026 වසර අවසන් වනවිට එය ඩොලර් බිලියන 09ක් දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
