Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගංජා තොගයක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් හම්බෙගමුවෙන් අල්ලයි

තණමල්විල, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීකම දී මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක් පොලිස් නිලධාරීන්ට සොයාගැනීමටයි හැකිව ඇත්තේ.

ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු සක්කරුවන් තිදෙනා අතර සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුද වන බවයි පොලිසිය පැවසුවේ.

එම සුරාබදු නිලධාරීන් දෙදෙනා මෙම ගංජා වැටලීමකින් අත්අඩංගුවට ගත් ඒවා බව පවසා ඇති අතර, පසුව පොලිසීය ඒ සම්බධයෙන් සිදුකළ විමර්ශන වලදී එවැනි කිසිදු වැටලීමක් හෝ නීතිමය කිසිදු නියෝගයක් නොමැති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව සැකකාර සුරාබදු නිලධාරීන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද (23) දිනයේ ඔවුන්ව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.