කඩුවෙල නගරාධිපතිවරයා මළගෙදර ගිහිල්ලත් දේශපාලනය කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරනවා.
කොළඹ පැවැති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,
අයවැයෙන් ලැබිච්ච දෙයක් නොමැති බවටත්, අයවැය යෝජනාවල මහලොකුවට කියපු දෙයක් ජනතාවට ලැබිලා නැති බවටත් චෝදනා කරනවා.
ඒ වගේම රජය වැව් හාරසිය පනහක් හදනවයි කියු බවත්, මේ රජය කිසිම දවසක නොවෙන දේවල් තමයි කියු බවටත් පෙන්වා දෙනවා.
මෙවන් පසුබිමක විපක්ෂයේ ඉන්න සියලු දෙනාම ක්‍රියාශීලි මදි බවත්, විපක්ෂයේ සියළුදෙනා එක්ව මේක අතට ගන්න ඕනෑ බවට ඇය ආරාධනා කරනවා.
කඩුවෙල නගරාධිපතිවරයාගෙන් කඩුවෙලට ගිනි නිවීමේ ඒකකයක් හදන්නෙ නැත්තේ ඇයි කියලා තමන් ප්‍රශ්ණ කළ විට, නගරාධිපතිවරයා මරණය විකුනාගෙන කන්න එපා කියලා කියන බවටත් හිරුණිකා ප්‍රකාශ කරනවා.
හැබැයි තමන් නොව, මරණය විකුණාගෙන කෑවේ කඩුවෙල නගරාධිපතිවරයා බවත්, මළ ගෙදර ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඉල්ලගෙන කතාවක් කරේ ඔහු බවටත් ඇය පෙන්වා දෙනවා.
මළ ගෙදර ගිහිල්ලා සෝකප්‍රකාශ කරනවා වෙනුවට තමන් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට බැනපු එක විතරක් නගරාධිපතිවරයා විසින් සිදුකළ බවටත් ඇය චෝදනා කරනවා.
කඩුවෙල නගරාධිපතිවරයා කියනවා මාස තුනක් ඇතුළත ගිනි නිවීමේ ඒකකයක් ස්ථාපිත කරන්න බෑ කියලා , හිටපු අයට බැන බැන ඉඳලා වැඩක් නෑ අවුරුදු දෙකක් වෙනවා නගරාධිපතිවෙලා දැන්වත් වැඩ පෙන්නන්න යැයි ද හිරුණිකා අවධාරණය කරනවා.










