ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බ්‍රිස්බන් ශාඛාවේ සංවිධානත්වයෙන් ‘ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම – සිංහළ ඩයස්පෝරාවේ වගකීම’ මැයෙන් බුද්ධිමය සංවාදයක් පසුගියදා සංවිධානය කර තිබුණා.
එහි ආරාධිත දේශනය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ පැවැත්වූ අතර සහභාගිකයන්ගේ ඉල්ලීම පරිදි උපන්දින සුභ පැතුම් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකථනයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.
එරට වෙසෙන වෘත්තීයවේදීන් හා ශ්‍රී ලාංකිකයන් රැසක් මේ සංවාදයට සක්‍රීයව දායක වුනා.
නාමල් රාජපක්ෂට ආශිර්වාද පතා විශේෂ අධිෂ්ඨාන බෝධිපුජාවක් පැවැත්වීමටද මෙම සංවාදය අතරතුර පසුව යෝජනා වුනා.










