මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවකු බෙන්තර මුහුදේ දියේ ගිලී අතුරුදහන්වී ඇති බවට වාර්තාවෙනවා.
අද පස්වරුවේ එකයි තිහට පමණ බෙන්තර පොලිස් වසමට අයත් බෙන්තර මුහුදු වෙරළේ තරුණයින් පස් දෙනෙකු දියනෑමට ගොස් ඇති අතර, ඔවුන් පස්දෙනාම දිය වැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ බෙන්තර පොලිසියට අනුයුක්ත පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් මුහුදට පැන තරුණයින් හතරදෙනකු නිර්පද්‍රිතව බේරාගෙන ඇති අතර, එක් තරුණයෙකු මේ වන විට දියේ ගිලි අතුරුදහන් වී ඇති බවට වාර්තාවෙනවා.
මෙසේ දියේ ගිලි අතුරුදහන් වී ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 වී ඇති වලතර කනිෂ්ට විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බිනුර නෙත්මින කැකුලන්දල නමැති තරුණයා බවට තොරතුරු වාර්තාවෙනවා.
දියේ ගිලි අතුරුදහන් වූ තරුණයා මේ වන විටත් සොයාගෙන නොමැති අතර ,බේරාගත් තරුණයින් හතර දෙනා බෙන්තර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බෙන්තර පොලිස් ජීවීත ආරක්ෂක කණ්ඩායම් අතුරුදහන්වු තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර, බෙන්තර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වනවා.










