Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෙම වසරේ මාරක අනතුරු 2,230ක් – පුද්ගලයින් 2,463 දෙනෙකුට ජීවිත අහිමිවෙයි

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට නොවැම්බර් 21 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා මාරක රිය අනතුරු 2,230ක් සිදුව ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පවසනවා.

මෙලෙස සිදුව ඇති මාරක අනතුරුවලින් පුද්ගලයින් 2,463 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම කාලසීමාව තුළ බරපතල අනතුරු 5,868ක් සිදුව ඇති බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සුළු අනතුරු 9,870ක් මෙම කාලය තුළ වාර්තා වී ඇති බවයි පැවසුවේ.

මාරක රිය අනතුරුවලින් පදිකයින් 813ක් මියගොස් ඇති අතර, යතුරුපැදි අනතුරු හේතුවෙන් 900කට අසන්න පිරිසක් මියගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අමතරව වසරේ මේ දක්වා කාලය තුළ පාපැදිකරුවන් 165 දෙනෙන්, රියදුරන් 190ක් සහ මගීන් 240ක් මෙම මාරක අනතුරුවලින් මියගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්