කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලානයේ අද (22) පැවති තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව පහසු ජයක් අත්කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 09කින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසිය වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායිකාව වන හර්ශිතා සමරවික්රම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.
ඒ අනුව, පන්දුවාර 17යි පන්දු 02ක් තුළ නෙදර්ලන්ත සියලුම ක්රීඩිකාවන් ලකුණු 57ක් තුළ දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණා.
ලකුණු 58ක ඉල්ලයක් වෙනුවෙන් පිටියට ශ්රී ලංකා පිතිකාරිනියන් පන්දුවාර 07යි පන්දු 02ක් පමණක් තුළ එක කදුලක් පමණක් ලබා දෙමින් තරගය පහසුවෙන් ජය ගත්තා.
