Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවුලපිටියේ ගිනිගත් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය අත්හිටුවයි

පසුගියදා ගිනි ගැනීමට ලක්වූ දිවුලපිටිය, වැවගෙදර පිහිටි ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ පසුගිය 16 වනදා ඇති වූ ගින්නක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ගින්න හේතුවෙන් වායු දූෂණය වීම සහ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මගින් පරිසරය දූෂණය වීම වැළැක්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්දේශ ද නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.