පුත්තලම පොලිස් වසමේ නාගවිල්ලුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දෙමහල් ගොඩනැඟිල්ලක් තුළ පිරිමි මළ සිරුරක් තිබී ඊයේ (21) දිනයේ දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 60 ත් 65 ත් අතර පමණ වන පුද්ගලයෙක් බව ද පොලිසිය සඳහන් කළා.
මෘත ශරීරය මේ වනවිට පුත්තලම රෝහලේ මාතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
