2027 අයවැයට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ජාතික විරෝධතාවක නිරත වනවා.
කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල සහ හෙද, සංවර්ධන නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන්, කාර්යාල සහයක කාර්යමණ්ඩල, සමෘද්ධි නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන්, ගුරු හා විදුහල්පතිවරු ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම ජාතික විරෝධතාවට එක්වීමට නියමිතයි.
සිය ඉල්ලීම්වලට මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් වෘත්තීය සමිති කිහිපයක් මේ වන විටත් විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
මේ අතර ගුරු හා විදුහල්පතිවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ සිය ඉල්ලීම්වලට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, නොවැම්බර් 30 වනදා වන විට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බවයි.
