Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යාපනය සරසවියේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ් – සිද්ධියට අභ්‍යන්තර විනය පරීක්ෂණයක්

යාපනය, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වු ගැටුමට සම්බන්ධ පිරිස සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කොට ඇති බව විශ්ව විද්‍යාලයේ උප කුලපති තිරුනාවකරසු වේල්නම්බි පවසනවා.

විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර පසුගිය 19 වැනිදා රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබු අතර, ඉන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබුණා.

ගැටුම සම්බන්ධයෙන් යාපනය පොලිසිය සිදුකළ පරීක්ෂණයකදී සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, අදාළ පිරිස එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්
අධිකරණය නියෝග කළ බවත් යාපනය පොලිසිය පැවසුවා.

ගැටුමට සම්බන්ධ තවත් පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්,ඒ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහයෝගයෙන් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.